ළඟ ළඟ ළිඳේ උදෙන් කවුද නානවා..
හවහට පුංචි කලෙන් වතුර ගේනවා..
කදිමට බොන්න කලේ වතුර තියෙනවා..
තිබහට දුන්නොත් කට කතා හැදෙනවා..
ළඟ ළඟ ළිඳේ උදෙන් කවුද නානවා..
හවහට පුංචි කලෙන් වතුර ගේනවා..
කදිමට බොන්න කලේ වතුර තියෙනවා..
තිබහට දුන්නොත් කට කතා හැදෙනවා..
මුව ගොළු වී දිව පැටළී තිබහ හැදෙන්නේ
ඔය ඔමරි ලතා දුටුවාමයි ටිකිරි ළඳුන්නේ..
කුඹුකේ ළිඳේ උදය හවා මොටද රැඳෙන්නේ
අර ළිඳ උතුරා වතුර තියේ මොකද නොබොන්නේ..
පොඩි දෝත පුරෝලා.. දිය ටිකක් ලැබේ නම්..
මට අමෘත පැන් වාගේ.. රහක් දැනේවි..
පොඩි දෝත පුරෝලා.. දිය ටිකක් ලැබේ නම්..
මට අමෘත පැන් වාගේ.. රහක් දැනේවි..
කදිමට බොන්න කලේ වතුර තියෙනවා..
තිබහට දුන්නොත් කට කතා හැදෙනවා..
ළඟ ළඟ ළිඳේ උදෙන් කවුද නානවා..
හවහට පුංචි කලෙන් වතුර ගේනවා..
ආ..ආ..
එකට ගිහින් ඉස්කෝලේ අපි පොඩි කාලේ
දැන් නෝක්කාඩු කතා හොඳද හිත නැති කාලේ..
දිලී දිලී වලා පෙළින් එහා තියේලූ
රන් ළඳේ නුඹත් හෝඩි පොතේ තරුව වගේලූ..
මග සුනංගු වීලා.. මට ගෙදර බනිවී..
ඔය ආල ලියෙන තාලේ.. මට නොදැනනේවී..
මග සුනංගු වීලා.. මට ගෙදර බනිවී..
ඔය ආල ලියෙන තාලේ.. මට නොදැනනේවී..
ළඟ ළඟ ළිඳේ උදෙන් කවුද නානවා..
හවහට පුංචි කලෙන් වතුර ගේනවා..
කදිමට බොන්න කලේ වතුර තියෙනවා..
තිබහට දුන්නොත් කට කතා හැදෙනවා..
ළඟ ළඟ ළිඳේ උදෙන් කවුද නානවා..
හවහට පුංචි කලෙන් වතුර ගේනවා..
තිබහට දුන්නොත් කට කතා හැදෙනවා..
කට වට බඳින්න වැට බැරිය කියනවා..