ලංකා ලංකා පෙම්බර ලංකා Lyrics
ලංකා ලංකා පෙම්බර ලංකා.. පිනවමු ඔබ ලංකා..
හොබවමු ඔබ ලංකා දිවි දී.. සුරකිමු ඔබ ලංකා..
බලි තරු රාවන ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා..
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා..
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරැ කිවියන් ලද ලංකා..
ඔබ රැකුණොත් ලෝකුඹුව ද අප හට සීත ගඟුලි ලංකා..
ලංකා ලංකා පෙම්බර ලංකා.. පිනවමු ඔබ ලංකා..
හොබවමු ඔබ ලංකා දිවි දී.. සුරකිමු ඔබ ලංකා..
ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා..
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා..
ගොඩ දියේ අහසේ හැම තැනැ ඔබගේ නම කියවමු ලංකා..
අවසනැ ඔබටමැ පොහොරට මේ කය මෙහිමැ හොවමු ලංකා..
ලංකා ලංකා පෙම්බර ලංකා.. පිනවමු ඔබ ලංකා..
හොබවමු ඔබ ලංකා දිවි දී.. සුරකිමු ඔබ ලංකා..