ලස්සන අත්තටු මට දෙනවා නම්‌

lassana aththatu mata denawanam

Chamika Sirimanna
ලස්සන අත්තටු මට දෙනවා නම්‌ Lyrics

ලස්සන අත්තටු මට දෙනවා නම්‌
ඈතට ඈතට ඉගිලෙන්න..
මං ඔබව සොයාගෙන මොහොතින්‌ එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න..
පෙම්‌ කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද..
මේ සුන්දර කතාවේ තේරුම දන්නවද..
මං ඔබට මොන තරම්‌ ආදරෙයිද ඔබ ආයෙත්‌ අහනවද..
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්‌ දෙදෙනෙක්‌ නොවෙන වග..
අපි දැන්‌ අපේ වග..

මුකුලිත දෙනයන කතා කළා වගෙ දැනුණා.. ඕ මට දැනුණා
සෙලවෙන හදවත හෙමින්‌ සැරේ අත වැනුවා.. අත වැනුවා
එක අහසක්‌.. එකම සඳක්‌.. තනි තරුවක්‌ මං මොනවා කරන්නද..
ඇත්තට මගෙ හිත හරි කලබල වෙනවා
මහා සාගරේ වගෙ පෙම මගෙ හිත ඇතුලෙත්‌ විප්ලවයක්‌ වෙනවා..
ඔබෙ රුව ඉදිවෙනවා..

විකසිත  මල්‌ මත සුවඳ රේණු ඉඟි මැරුවා.. ඕ ඉඟි මැරුවා
ඔය තොල්‌ පෙති මත මගෙ දැඟිලි දඟ කෙරුවා.. දඟ කෙරුවා
මල්‌ යායක්‌.. සොඳුරු පෙමක්‌... පොද වැස්සක්‌ පෙම්‌ වසන්තයක්‌ වී..
හරි ආදරයෙන්‌ අපෙ ලොව සැරසැරුවා
අදහා ගන්නත්‌ බෑ මේ සුන්දර රැය මම වෙමි හිමිකරුවා..
ආදරේ හිමිකරුවා..

ලස්සන අත්තටු මට දෙනවා නම්‌
ඈතට ඈතට ඉගිලෙන්න..
මං ඔබව සොයාගෙන මොහොතින්‌ එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න..
පෙම්‌ කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද..
මේ සුන්දර කතාවේ තේරුම දන්නවද..
මං ඔබට මොන තරම්‌ ආදරෙයිද ඔබ ආයෙත්‌ අහනවද..
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්‌ දෙදෙනෙක්‌ නොවෙන වග..
අපි දැන්‌ අපේ වග..

Video thumbnail