ලස්සන රෝස මලක්‌ මට ලස්සන නෑ..

Lassana Rosa Malak Mata Lassana Na

m s fernando
ලස්සන රෝස මලක්‌ මට ලස්සන නෑ.. Lyrics

ලස්සන රෝස මලක්‌ මට ලස්සන නෑ..

ලස්සන සමනලයා මට ලස්සන නෑ..

ලස්සන කිසිම දෙයක්‌ මට ලස්සන නෑ..

ආදරවන්තිය ඔබ වාගේ නෑ..

ලස්සන රෝස මලක්‌ මට ලස්සන නෑ
ලස්සන සමනලයා මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක්‌ මට ලස්සන නෑ
ලස්සන නෑ.. ලස්සන නෑ..
ආදරවන්තිය ඔබ වාගේ නෑ

නිල්මිණි තිබේ මිණිපුරේ මුතු තිබේ හරි අගේ
රන්‌ වලින්‌ දැම්වැල්‌ සදා
නැතේ නැතේ මට අගේ පිනවන්න සිත මගේ
ඇතේ ඇතේ ආදරී  මගේ

මාව සනසන්න පිනවන්න මිණිමුතු රන්‌ වලින්‌ බෑ
ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගෙ හිත නෑ
නැතේ නැතේ මට අගේ පිනවන්න සිත මගේ
ඇතේ ඇදපතේ ආදරී මගේ

ලස්සන රෝස මලක්‌ මට ලස්සන නෑ
ලස්සන සමනලයා මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක්‌ මට ලස්සන නෑ
ලස්සන නෑ.. ලස්සන නෑ..
ආදරවන්තිය ඔබ වාගේ නෑ

කෝකිලයාගේ සුමිහිරි ගීතය මිහිරි වේ
සුන්දරයි දෙසවන්‌ පිනා
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්‍රිය ආදරී ඇතේ

ඈගේ සුදු මුහුණ දුක්වීලා ඇඬුවාට කැත වෙන්නේ නෑ
මම ඔබේ ඔබ මාගේ මගේ හිත වෙන්‌ වෙන්නෙ නෑ
නැතේ මට අගේ නැත පිනවන්න මගේ හිත
ඇතේ ප්‍රිය ආදරී ඇතේ

ලස්සන රෝස මලක්‌ මට ලස්සන නෑ
ලස්සන සමනලයා මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක්‌ මට ලස්සන නෑ
ලස්සන නෑ.. ලස්සන නෑ..
ආදරවන්තියේ ඔබ වාගේ නෑ
ආදරවන්තියේ ඔබ වාගේ නෑ...

Video thumbnail