ලෙන්චිනා මගේ නංගියේ ඇයි

Lenchina Mage Nangiye

sunil edirisinghe
ලෙන්චිනා මගේ නංගියේ ඇයි Lyrics

ලෙන්චිනා මගේ නංගියේ ඇයි
ගංතෙරට වී.. ගොම්මනේ
ලෙන්චිනා මගේ නංගියේ ඇයි
ගංතෙරට වී.. ගොම්මනේ

පෙත්තරේ ළඟ පැන්‌ තොටේ
ගම්මානයේ පව් සෝදනා..
රත්තරන්‌ වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායනා..
ලෙන්චිනා ඇති වැඩ කළා දැන්‌
ගෙදර යං කළුවර වුණා..

ලෙන්චිනා මගේ නංගියේ ඇයි
ගංතෙරට වී.. ගොම්මනේ
ලෙන්චිනා මගේ නංගියේ ඇයි
ගංතෙරට වී.. ගොම්මනේ

පින්වතුන්‌ කැල ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා..
තාම නෑ කිලි කුණු ගිහින්‌ ඒ
කිම්ද නොදැනේ කාරණා..
සේදිලා පරිශුද්ධ වීමෙන්‌
යුග දෑත්‌ නුඹෙ බබළනා..

ලෙන්චිනා මගේ නංගියේ ඇයි
ගංතෙරට වී.. ගොම්මනේ
ලෙන්චිනා මගේ නංගියේ ඇයි
ගංතෙරට වී.. ගොම්මනේ

Video thumbnail