ලෙන්ගතුකම නෙතඟ තියා

lengathukama nethaga thiya

Chamara Weerasinghe
ලෙන්ගතුකම නෙතඟ තියා Lyrics

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ..
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත..
මිතුරිය සේ ඔබ උන්නත්‌ මගෙ හදවත ළඟ..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..

ඇස අද්දර හමු නොවුණත්‌ ඔබ එක දවසක්‌..
සිතට ඔබව දකිනා තුරු නෑ වෛසිල්ලක්‌..
සඳ තරමට අවිහිංසක සොඳුරු හදවතක්‌..
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්‌..
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්‌..

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ..
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත..
මිතුරිය සේ ඔබ උන්නත්‌ මගෙ හදවත ළඟ..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..

මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්‌..
ඔබෙන්‌ පතා ගෙවී ගියා කල්ප කාලයක්‌..
කඳුළු පිරුණු තනිකඩ වු පාළු හදවතක්‌..
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්‌..
බලා හිඳී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්‌..

ලෙන්ගතුකම නෙතඟ තියා බලනා විට ඔබ..
සඟවා ගෙන ඉන්නට බෑ මගෙ ආදර හිත..
මිතුරිය සේ ඔබ උන්නත්‌ මගෙ හදවත ළඟ..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින..
සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින...

Video thumbnail