ලියතඹරා මල ඔබද ළඳේ Lyrics
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ..
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ..
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ..
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ..
අවිහිංසක දෑසේ කඳුළැලි දැක
මා ගැනවත් නොසිතා..
මිතුරන් කී බස් නොඅසා ඔබ ගැන
සහසක් පැතුම් පතා..
පුද දුන් සෙනෙහස එතැනම මියැදී
මා වුවා ද මුලා..
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ..
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ..
කෙනෙක් ඇසුරු කර තවෙකෙක් පතනා
ඔබ යැයි මගක මුලා..
සුපිපුණු හද මල් මෙලෙසින් සිඳ බිඳ
යන්නේ ඇයිද පෙලා..
මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ
ඔබ වෙතට දෙමි සමා..
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ..
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ..
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ..
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ..