ලෝකයක්‌ නසන්නට රුදුරු අවි අත දරා.. සැරසෙමුද

Lokayak Nasannata Ruduru Awi Atha Dara

sunil edirisinghe
ලෝකයක්‌ නසන්නට රුදුරු අවි අත දරා.. සැරසෙමුද Lyrics

ලෝකයක්‌ නසන්නට රුදුරු අවි අත දරා..
සැරසෙමුද..
නැසුන ලොව අබිමුවෙහි විජය කොඩි නගන්නේ..
කවුරුන්ද

එකම ඉර එකම සඳ පිහිට කොට ගත්‌ අපට
එකම පැණයකි ඇත්තේ රැදුම්‌ දෙන හදවතට..
ඒ පැණය පසෙක ලා බදී සිට දෙපිලකට
උපන්‌ බිම දෙකඩ වන හටන්‌ කරනුයේ කුමට

ලෝකයක්‌ නසන්නට රුදුරු අවි අත දරා..
සැරසෙමුද

වෛර ගිනි ඉවතලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට..
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත්කමට

ලෝකයක්‌ නසන්නට රුදුරු අවි අත දරා..
සැරසෙමුද..
නැසුන ලොව අබිමුවෙහි විජය කොඩි නගන්නේ..
කවුරුන්ද

Video thumbnail