ලොවීනා ( ලොවීනා මගේ සොදුරියේ ) Lyrics
ලොවීනා මගේ සොදුරියේ
නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි
ස්වාමීනි මම රොඩි කුලයේ
ඉපදුනේ පෙර පවකටයි
ලැම වසන්නට වරම් නෑ මට
රාජ අණ හරි බලගතුයි
රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි
රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි
මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි
ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි