මා ඈත භවේ දී.. මතකද හමුවුවා..

Ma Atha Bawedi Mathakada Hamu Uwa

mohideen baig
මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. Lyrics

මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා
මා ඈත භවේ දී.. මතකද හමුවුවා

සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..
සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ..
සෝකෙන්‌ ඉකිලෑවෝ.. මා හද සන්තානේ
ඒ සිහිලස දැන්‌ කෝ.. කොහෙදෝ පා වූවා

මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..

සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...
සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ...
ඉන්‌ මා හද ආලෝක වුණා රෑ යාමේ
ඒ සිහින විමානේ.. සැනසුම තේරේවා

මා ඈත භවේ දී.. මතකද හමුවුවා..
මා ඈත භවේ දී.. මතකද හමුවුවා..

Video thumbnail