මා හද සැලෙනා ගී හඬ මුමුණා Lyrics
මා හද සැලෙනා ගී හඬ මුමුණා
ඔබට ගයන්නට මට සිතුනා
නීල දෑසින් ඉඟිකල රහසක්
කිව මැන මට මුමුණා
මා හද සැලෙනා ගී හඬ මුමුණා
ඔබට ගයන්නට මට සිතුනා
අහිමි වු පැතුමක මා තනිවී ඇත
මා සිත ඉන් සැලුනා
නෙලන්න බැරි මල් අතු අග පිපුණත්
ඒ මල තනිවේද
පියාපත් ලැබ ඉගිලී ආවොත්
ඔබ මට පිටුපාද
තනිවුනු පියුමෙක රුහිරු මදනල
කැඳවා ගෙන යාද
නොදනිමි මට ඔබ හමුවෙද ඒ ලෙස
මුකුලිත වූ මලෙක
දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත
කෙලෙසින් දෙඩුවෙමුද
නිසලව හමුවු දෙනයන ඔබ මට
කීවේ මොනවාද
දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත
කෙලෙසින් දෙඩුවෙමුද
මා සිත් රඟහල රඟදෙන ඔබ මට
කෙලෙසින් හමුවේද
මා හද සැලෙනා ගී හඬ මුමුණා
ඔබට ගයන්නට මට සිතුනා
නීල දෑසින් ඉඟිකල රහසක්
කිව මැන මට මුමුණා
මා හද සැලෙනා ගී හඬ මුමුණා
ඔබට ගයන්නට මට සිතුනා
අහිමි වු පැතුමක මා තනිවී ඇත
මා සිත ඉන් සැලුනා