මා නෙත්‌ කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ

Ma Neth Kadalle Sathapeela Nidalle

milton mallawarachchi
මා නෙත්‌ කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ Lyrics

මා නෙත්‌ කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්‌ දැලේ හද පුරා සැනසිලා
ආයෙත්‌ ඉගිල්ලී පියඹාලා පිපාසෙන්‌
නොසරා මල්‌ කැලේ
රොන්‌ සොයාලා.. රොන්‌ සොයා..

බඹර තුඩු ගා නැති
කුමුදු මලකින්‌ පෙති
ගෙනෙමි දුර ඈත විලකින්‌ බලා..

බඹර තුඩු ගා නැති
කුමුදු මලකින්‌ පෙති
ගෙනෙමි දුර ඈත විලකින්‌ බලා..
ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි..
සුවඳ උලා..

මා නෙත්‌ කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්‌ දැලේ හද පුරා සැනසිලා
ආයෙත්‌ ඉගිල්ලී පියඹාලා පිපාසෙන්‌
නොසරා මල්‌ කැලේ
රොන්‌ සොයාලා.. රොන්‌ සොයා..

අරුණ පිනි බිංදුවයි
පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා..

අරුණ පිනි බිංදුවයි
පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා..
ඉන්මතු කිසිදාක යන්නෙහිද හද රන්‌ ලෙනේ...
පහන නිවා..

මා නෙත්‌ කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්‌ දැලේ හද පුරා සැනසිලා
ආයෙත්‌ ඉගිල්ලී පියඹාලා පිපාසෙන්‌
නොසරා මල්‌ කැලේ
රොන්‌ සොයාලා.. රොන්‌ සොයා..

Video thumbnail