මා සනසා.. මා නළවා..

Ma Sanasa Ma Nalawa

mervin perera
මා සනසා.. මා නළවා.. Lyrics

මා සනසා.. මා නළවා..
සුරංගනාවක්‌ හෙමින්‌ ඇවිල්ලා හදේ ලැඟුම්‌ අයැදියි..

විතක්‌ මධු පෙරා ගෙනල්ලා.. සුරන්‌ රවටලා..
ඇසක්‌ ඉගිමරා රැඟුම්‌ පා.. මුවට යා කළා..

හැඟුම්‌ තෙරපිලා දෝ.. හසුන්‌ මුස වෙලා..
සිහින ලොවක පාවේ.. සඳුන්‌ සිහිල යාවී..

මා සනසා.. මා නළවා..
සුරංගනාවක්‌ හෙමින්‌ ඇවිල්ලා හදේ ලැඟුම්‌ අයැදියි..
සුරංගනාවක්‌ හෙමින්‌ ඇවිල්ලා හදේ ලැඟුම්‌ අයැදියි..

රැයක්‌ නිදිමරා සරාගී.. ලවන්‌ වෙහෙසිලා..
යළිත්‌ එනතුරා සුරන්‌ ගී.. හිඳිමි මග බලා..

හෙටත්‌ සඳ උදාවී.. රැයක්‌ පැමිණිලා..
සිහින ලොවට යාවී.. සුරඹ මා සොයාවී..

මා සනසා.. මා නළවා..
සුරංගනාවක්‌ හෙමින්‌ ඇවිල්ලා හදේ ලැඟුම්‌ අයැදියි...

Video thumbnail