මා සඳට කැමති බව දැනගෙන Lyrics
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්..
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්..
නොඉඳුල් තොල් පෙති අතරින්
උදුරා ගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්..
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්..
එක්ටැම් ගෙයි සිරගත කර
සමනලියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්..
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්...