මා සිත මියුරු කල්පනා

Ma Sitha Miyuru Kalpana

shirley waijayantha
මා සිත මියුරු කල්පනා Lyrics

මා සිත මියුරු කල්පනා
රස පද වැලට පෙරළුනා
මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්‌..
නැවුම්‌ සිතක ඔබට බැඳුණු.. ප්‍රේමයේ නමින්‌..

මා සිත මියුරු කල්පනා
රස පද වැලට පෙරළුනා
මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්‌..
නැවුම්‌ සිතක ඔබට බැඳුණු.. ප්‍රේමයේ නමින්‌..

රුවැති මලක්‌ මද සුළඟේ.. සැලෙන සැටි සිතා..
බඹර තුඩක්‌.. මල්‌ පෙති මත.. ලියයි පෙම්  කතා..
ඔබට කෙලෙස අමතන්නද.. නොහැක ගනු සිතා..
දයාබරව.. ඔබට ලියමි.. සෙනෙහසක්‌ පතා..

මා සිත මියුරු කල්පනා
රස පද වැලට පෙරළුනා
මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්‌..
නැවුම්‌ සිතක ඔබට බැඳුණු.. ප්‍රේමයේ නමින්‌..

රණ මයුරෙක්‌ මයුරියකගේ.. රැඟුම ගැන සිතා..
තුඩින්‌ තුඩග.. බැඳුණු පෙමක්‌.. අගෙයි ගමු සිතා..
ඔබ අමතන මෙවන්‌ පතෙක.. පිළිතුරක්‌ පතා..
දැන ගන්නට.. මා රිසියෙමි.. කිමද ගත්‌ සිතා..

මා සිත මියුරු කල්පනා
රස පද වැලට පෙරළුනා
මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්‌..
නැවුම්‌ සිතක ඔබට බැඳුණු.. ප්‍රේමයේ නමින්‌..

මා සිත මියුරු කල්පනා
රස පද වැලට පෙරළුනා
මිහිරියේ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්‌..
නැවුම්‌ සිතක ඔබට බැඳුණු.. ප්‍රේමයේ නමින්‌..

Video thumbnail