මා තනිවී උන්නා දෙන් ( රුහිරේ )

Ma Thaniwi Unna Den ( Ruhire )


මා තනිවී උන්නා දෙන් ( රුහිරේ ) Lyrics

රුහිරේ ඇදී නාමේ ඔබේ නාමෙන් ඇදුනාදෝ...
ජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝ...
තුහිනේ පිණි මැද්දෙ අපි ගොලු වී උන්නාදෝ...
ක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝ...
විසිරූ තැන් මුසු වේදෝ...
මුසු වූ තැන් යළි එදෝ...

හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනා දෙන්...
පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනා දෙන්...
දකිනා හැම තැන්හී ඔබෙ චායා මැවුනා දෙන්...
රකිනා ඔබෙ ලෝකේ මා තනිවී උන්නා දෙන්...

රහසේ බැදි මායා...
රූ චායා පායා...
ගී රාවෙන් ආලේ කීවා... //

දෑසේ බැන්දූ මායා...
ඔබ මා හා ලංවෙලා...
මාගේ හද හෘදේ ...
රූ චායාවක් කලා...

මෘදු වූ ඔය වදනින්...
සිත්තම් වී මැවුනේ...
ගෙත්තම් වූ ආලේ හැගුමන්... //

දෑසේ බැන්දූ මායා...
ඔබ මා හා ලංවෙලා...
මාගේ හද හෘදේ ...
රූ චායාවක් කලා...

හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනා දෙන්...
පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනා දෙන්...
දකිනා හැම තැන්හී ඔබෙ චායා මැවුනා දෙන්...
රකිනා ඔබෙ ලෝකේ මා තනිවී උන්නා දෙන්...

Video thumbnail