මා තොටින්‌ එන උතුරු හුළඟේ

ma thotin ena uthuru sulange saroja

Deepika Priyadarshani
මා තොටින්‌ එන උතුරු හුළඟේ Lyrics

මා තොටින්‌ එන උතුරු හුළඟේ.. ගිනි සිඹින මඩු පල්ලියේ..
දෑස්‌ අග මුතූ කඳුළු හංගන.. සරෝජා මගේ දෝණියේ..
වෙඩි හඬට පොඩී අකුරු ඇදවෙයි.. මක්‌ කරන්න ද පැංචියේ..
ගුරුතුමී මා සිසුවියයි නුඹ.. ඒත්‌ අපි එක පංතියේ..

කර වටේ අත දමා හිනැහුණු.. කෝ නුඹේ පොඩි යාළුවන්‌..
දයාවක්‌ නැති ලෝකයක්‌ දැක.. උන්‌ ගිහින්‌ පැන මායිමෙන්‌..
තාත්තා හීනෙන්‌ ඇවිත්‌ අත වනන තුරු කඳවුරු දොරින්‌
කාටවත්‌ නැති දුවේ කවුරුන්‌.. නුඹ රකීවිද සෙනෙහසින්‌

මන්දිරේ දොර නුඹව කැඳවයි.. බේබිලා හඬනා හඬින්‌..
මායිමේ වැට අඬ ගසයි හෙට.. අවි දරා රකිනා ලෙසින්‌..
දමා ගොදුරට කෙලෙස යන්නද.. ඒත්‌ යන්නට වෙයි ඉතින්‌
වරක්‌ දැක සිත නිවාගන්නට.. දුවේ ඩිංගක්‌ හිනැහියන්‌

මා තොටින්‌ එන උතුරු හුළඟේ.. ගිනි සිඹින මඩු පල්ලියේ..
දෑස්‌ අග මුතූ කඳුළු හංගන.. සරෝජා මගේ දෝණියේ..
වෙඩි හඬට පොඩී අකුරු ඇදවෙයි.. මක්‌ කරන්න ද පැංචියේ..
ගුරුතුමී මා සිසුවියයි නුඹ.. ඒත්‌ අපි එක පංතියේ..
සරෝජා මගේ දෝණියේ..

 

Video thumbnail