මායාවී (නෙත ගාව හිනැහී)

Maayavi (Netha Gawa Hinahi)


මායාවී (නෙත ගාව හිනැහී) Lyrics

නෙත ගාව හිනැහී හිඳින්නී...
හිත ගාව ඉකිබිඳ හඬන්නී...
මට මාව නැති කර දමන්නී...
යළි මා තුළින් මා සොයන්නී...
මා හදේ... මායාවියේ...
ඔබ ඒ ලෙසේ බැඳිලා
ආදරේ ගැන කී කතා
කෝ ඇස් දෙකෙන් ඇස් අල්ලා...

ඇඟිලි තුඩක හෝ නොගැටී
අයිතියක් දැනුන...
සොඳුරු ඔබ තුළම රැඳෙමී...
මගේ සියලු දේ පුදමී ...
ආදරේ දිවිතුරා හදවතේ තියේවි
සමුගන්න තුරු මේ බවෙන්...

නෙතට නෙත තියා ළං වී
හදවතින් වැළඳ...
නිබඳ ඔය රුවම විඳිමී
කිරි සිහින මම දකිමී
ආදරේ දිවිතුරා හදවතේ තියේවී
සමුගන්න තුරු මේ බවෙන්...

Video thumbnail