මග බලා හඬන දෙනෙතේ Lyrics
මග බලා හඬන දෙනෙතේ..
කඳුළැල් ඉහිරිලා ගලන මොහොතේ. .
නොමැකෙනා මතක අපගේ ..
තවමත් මැවෙනවා දකින සිහිනේ...
හදවතේ...
පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ..
ඇයි ළඳේ..
ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කළේ..
කී කතා පෙරදා මුකුළු කර
සිහිවෙලා රහසේ..
වේදනා සඟවා තුරුලු කර
වැළපුනා.. අඳුරේ ..
දාලා යන්නට බෑ ලැබුණු උණුහුම..
හැරදමා සමුගෙන යන්න නම් මට
ඇයි මේ තරම් ළංවුණේ..
ඇයි මේ තරම් ළංවුණේ..
ආ..
පෑ සිනා පෙඟුනා කඳුළු මැද
කුරුටු ගෑ මතකේ..
පෑරුනා විඳිනා දුකට හිත
කෙඳිරි ගෑ.. පපුවේ..
වාවගන්නට බෑ තාම තනිකම..
හීනෙකින්වත් නෑ යන්නේ කිවු ඔබ
ඇයි මා කෙරෙන් වෙන් වුණේ..
ඇයි මා කෙරෙන් වෙන් වුණේ..
මග බලා හඬන දෙනෙතේ..
කඳුළැල් ඉහිරිලා ගලන මොහොතේ. .
නොමැකෙනා මතක අපගේ ..
තවමත් මැවෙනවා දකින සිහිනේ...
හදවතේ...
පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ..
ඇයි ළඳේ..
ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කළේ..