Mage Adara Pawasata Oba

Mage Adara Pawasata Oba

krishantha erandaka
Mage Adara Pawasata Oba Lyrics

මගෙ ආදර පවසට ඔබ
නියං කලට අඬන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ

මගෙ ආදර සිලිලාරට
නෙළුම්‌ පතකි ළඳුනේ ඔබ

මගෙ ආදර සිලිලාරට
නෙළුම්‌ පතකි ළඳුනේ ඔබ
ආදර උල්පත වියලන
ගිම්හානේ සැඩ හිරු ඔබ

මගෙ ආදර පවසට ඔබ
නියං කලට අඬන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ

ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද

ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද
ඒ වැස්සෙන්‌ පෙම්වත්‌ වු
මිහිලිය වී.. මම ඉන්නද

මගෙ ආදර... පවසට ඔබ
නියං කලට අඬන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ...

Video thumbnail