මගේ අප්සරාවී

Mage Apsaravee


මගේ අප්සරාවී Lyrics

කවුරුද කියන්න නිරිඳේ
ලලනා රූ මැද බෙයදේ
එදවස - නුඹේ අප්සරාවී

මහනෙල් මල් අත රඳනා
බුදු පුද වෙත යන අඟනා
නුඹමය - මගේ අප්සරාවී
නුඹමය - මගේ අප්සරාවී

රන්වන් ලියන් සිනා මැද
ප්‍රේමෙන් මුළා නොවුණු සඳ
සීගිරි ගිරි සිරසට - සඳ පායයි
දෙනුවන් සඳුන් අඳුන් වැද
දේදුනු නළලත වැතිරෙන
තිලකයෙ සුවඳ සිහිල - මට පමණයි

නිල්වන් ළඳක සිතක රැඳි
ආදර සෙනෙහස අපමණ
දෙව්පුර දෙව් අඟනක - දුටු සිහිනේ
දිවුරා පිළිණ තිළිණ දෙමි
ළඳකගෙ රහස් රකින්නෙමි
රන්මසු උයනට යමු - හඳපානේ

Video thumbnail