Mage duwe oba awadiyen nam

Mage duwe oba awadiyen nam

karunarathna divulgane
Mage duwe oba awadiyen nam Lyrics

මගෙ දුවේ ඔබ අවදියෙන්‌ නම්...
මේ රැයේ මිහිරිම වෙලාවයි..
දොර ඇරන්‌ එළියට ආවොතින්‌...
මේ මිහිරි දේවල්‌ නුඹටමයි..

සේපාලිකා මල්‌ බිමට බැහැලා..
ඇවිදින්න යන වෙලාවයි..

නිල්‌ තාරකා බිම බලාගෙන..
වැව්‌ දියට පෙමි බැඳී වෙලාවයි..
මේ පොළොව කෙතරම්‌ සුන්දරද..
මගෙ දූත්‌ තනියෙම හිනාවෙයි..

මගෙ දුවේ ඔබ අවදියෙන්‌ නම්...
මේ රැයේ මිහිරිම වෙලාවයි..
දොර ඇරන්‌ එළියට ආවොතින්‌...
මේ මිහිරි දේවල්‌ නුඹටමයි..

ගන කළුවරට අප  පෙම් කලොත්‌
ඉරහඳ තරු වලට ණය ගැතියි

ලොව දුන්නු දේවල්‌ අද අපිට..
හෙට ලොවට පෙරලා දිය යුතුයි..
ඔබ මේ ලොවට ආදරේ නම්‌..
මුළු ලොවම ඔබටත්‌ ආදරෙයි

මගෙ දුවේ ඔබ අවදියෙන්‌ නම්...
මේ රැයේ මිහිරිම වෙලාවයි..
දොර ඇරන්‌ එළියට ආවොතින්‌...
මේ මිහිරි දේවල්‌ නුඹටමයි..

Video thumbnail