Mage hada madala mal yahanaki prabawathi Lyrics
මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී..
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී..
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී..
සිනාසිසී දෝතින් යහන තැනු ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ..
මදෙස බල බලා නාඩන් කුමාරියේ...
මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී..
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී..
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී..
පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලියේ
මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ..
කරපු පවට නාඩන් දේවතනාවියේ
මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී..
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී..
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී...