මගෙ හුස්ම අරන්.. ඔබ දුරක ගියත්..

Mage Husma Aran Oba Duraka Giyath

manjula pushpakumara
මගෙ හුස්ම අරන්.. ඔබ දුරක ගියත්.. Lyrics

මගෙ හුස්ම අරන්.. ඔබ දුරක ගියත්..
තරහ නෑ මා සදා..
මට වඩා.. හොඳ කෙනෙක්...
ඔබට හමුවෙයි සිතා..
මම හිඳින්නම්‌ බලා.. ඔබෙන්‌ ඈතට වෙලා..
හොඳින්‌ ඉන්නට කියා..
සුබ පැතුම්‌ පතමි මා..
සුබ පැතුම්‌ පතමි මා..

අ හා.. ආ.. ආ.. ආ..

මුණ ගැහෙන අය.. ඔබ කොහෙද අද
අහන විට හදවතට මගේ..
දැනෙන දුක මට.. උහුලගන්නට
පුරුදු නෑ තව ඔබට වගේ..
කොතැන සිටියත්‌.. ඔහුගෙ සෙවණේ
ඉන්න දිගුකල්‌ ලොවේ..
රැගෙන මගෙ ආදරේ..

අ හා.. ආ.. ආ.. ආ..

පෙර දිනෙක අප.. ගත කෙරුව තැන
මම නෙමෙයි අද හිනැහෙන්නේ..
මට ලැබුණු තැන.. වෙන කෙනෙකු වෙත
දෙන්න කොහොමද හිත හැදුණේ..
කොතැන සිටියත්‌.. ඔහුගේ සෙවණේ
ඉන්න දිගුකල්‌ ලොවේ..
රැගෙන මගෙ ආදරේ..

මගෙ හුස්ම අරන්.. ඔබ දුරක ගියත්..
තරහ නෑ මා සදා..
මට වඩා.. හොඳ කෙනෙක්...
ඔබට හමුවෙයි සිතා..
මම හිඳින්නම්‌ බලා.. ඔබෙන්‌ ඈතට වෙලා..
හොඳින්‌ ඉන්නට කියා..
සුබ පැතුම්‌ පතමි මා..
සුබ පැතුම්‌ පතමි මා..

හේහෙ හේ හෙහේ හහේ..
ලාලා ලා ලා ලලා..
හ්ම්‌ හ්ම්‌ හ්ම්‌ හ්ම්‌ හ්ම්‌.. හ්ම්‌..
හ්ම්‌ හ්ම්‌ හ්ම්‌ හ්ම්‌ හ්ම්‌.. හ්ම්‌..

Video thumbnail