Mage jeewithaye sathu wee thibu deyak

Mage jeewithaye sathu wee thibu deyak

h r jothipala
Mage jeewithaye sathu wee thibu deyak Lyrics

මගේ ජීවේ.. සතුවී..

මගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්‌
මා ඇසුරෙන්‌ වෙන්‌ කෙරුවා..
මගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්‌
මා ඇසුරෙන්‌ වෙන්‌ කෙරුවා..
මගේ ජීවිතයේ සතුවී...

මිහිරි සුවේ ලැබු පෙමි මාළිගයේ
කුලුනු කඩා අමු සොහොන කළා

මිහිරි සුවේ ලැබු පෙම් මාළිගයේ
කුලුනු කඩා අමු සොහොන කළා
රත්‌ කෙරු ආලයේ උණු ලේ වගුරා
මගේ හදවත අද පළුදු කළා..

කෝ ඔබෙ අත මා අත දුන්නේ..
කෝ ඔබෙ අත මා අත දුන්නේ ඇයි
එය වෙන අතකට ගත්තේ

ඒ අතින්ම නොවු මගේ අවසානේ
ඒ අතින්ම නොවු මගේ අවසානේ
අන්තිමයක්‌ ඇයි නොකලේ...

මගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්‌
මා ඇසුරෙන්‌ වෙන්‌ කෙරුවා..
මගේ ජීවිතයේ සතුවී..

ප්‍රේමේ පෙන්නා දුන්නා ඔබ නම්‌..
සොඳුරි එහි අවසානේ..

ප්‍රේමේ පෙන්නා දුන්නා ඔබ නම්‌..
සොඳුරි එහි අවසානේ..
මේකද මේ අසරණ ජීවිතයේ
ඔබ පෙන්වු සුබ සිහිනේ

නොමැරේවී මගේ පණ ඔබ නැති තැන
රන්මැණිකා සීදේවි...

එන්කෝ සුදා ඇයි ඉන්නේ බලා ඔබේ
එන්කෝ සුදා ඇයි ඉන්නේ බලා ඔබේ
අයිතිය මටමයි ප්‍රේමී..

මගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්‌
මා ඇසුරෙන්‌ වෙන්‌ කෙරුවා..
මගේ ජීවිතයේ සතුවී තිබු දෙයක්‌
මා ඇසුරෙන්‌ වෙන්‌ කෙරුවා..
මගේ ජීවිතයේ සතුවී....

Video thumbnail