මගේ ළමැද සුව යහනක්‌

Mage Lamada Suwa Yahanak

priya suriyasena
මගේ ළමැද සුව යහනක්‌ Lyrics

මගේ ළමැද සුව යහනක්‌
ඔබට තනා දෙන්න කියා
භවෙන්‌ භවේ පෙරුම්‌ පුරා
බලා ඉන්නවා..

ඒ යහනේ ඔබ සතපා
බිඟු ගී වැල්‌ මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනි වෙනවා..

සිහින ගෙනෙන කුමාරියේ
ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන
නොයන්‌ කුමරියේ..

අපට උරුම අපේ ලොවේ
හද සොම්නස්‌ කිරුළ දරා
මගේ ළඟින්‌ සසර පුරා
ඉන්න වාසනා..

මගේ ළමැද සුව යහනක්‌
ඔබට තනා දෙන්න කියා
භවෙන්‌ භවේ පෙරුම්‌ පුරා
බලා ඉන්නවා..

ඒ යහනේ ඔබ සතපා
බිඟු ගී වැල්‌ මුමුණනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනි වෙනවා..

Video thumbnail