මගේ නොවුනාට Lyrics
නුඹ ඇවිත් ගියපු දා ඉදන්
තවම මං පාළුවේ
පමණ ඉක්මවූව ආදරේ
දෝරේ යයි සීරුවේ
ඇහිදාරෙක දුක සගවලා
සුසුමන් නුඹ වෙත පා කලා
සංසාරෙම තනිකම තියා
සදවත අහසින් බැස ගියා
මගේ නොවුනාට මගේ කියා
හිත හදාගන්න බැරි වුනා
හෙටත් මගෙ ලෝකෙ
නුඹ නිසා
අදත් ඉන්නවා මග බලා
දෑස මානේ මා දකිනා
සෑම තැනකම නුඹ පෙනුනා
ඈත ඉගිලි දුර ගියදා
ආයෙ නොඑනා බව දැනුනා
පෙරදා මා හා
රහසේ බැදිලා
නොඑනා ගමනක්
කොහෙදෝ යනවා.