මගෙ ඔරු කඳක් දිරාලා..
කොල්ලෑවේ ලණු කැඩීලා..
නමුත් මුහුදු යායුතු.... රැක ගන්න ජීවිතේ
මගෙ ඔරු කඳක් දිරාලා.. කොල්ලෑවේ ලණු කැඩීලා..
ඒ නමුත් මුහුදු යායුතු.. රැක ගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදි මරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවා ගෙන පැතුම්
මහ දියඹේ.. අගාධයේ හී
දරුවන් රකින්න ඈතට යනවා..
තෝරුන් හා.. ලොකු ලොකු මෝරුන්
මම ඔරුව පුරා ගොඩට ගේනවා
අව්ව සැරයි.. සුළං වැඩියි
සැඩ සුළඟින් රුවලත් ඉරිලා යයි..
මහ සයුරේ.. රළ නැහැවේවී
ජීවය මරණය අතර සටනකි
මගෙ ඔරු කඳක් දිරාලා.. කොල්ලෑවේ ලණු කැඩීලා..
ඒ නමුත් මුහුදු යායුතු.. රැක ගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදි මරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවා ගෙන පැතුම්
වෙරළ දිගේ.. සුදු වැල්ලේ මා
එනතුරු දරුවන් මග බලා සිටී..
වෙහෙස වෙලා.. දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් වෙරළට එන්නේ
මගෙ ඔරු කඳක් දිරාලා.. කොල්ලෑවේ ලණු කැඩීලා..
ඒ නමුත් මුහුදු යායුතු.. රැක ගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදි මරන් සාදා දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ හද පුරවා ගෙන පැතුම්
දෑත රිදෙයි.. ගත වෙහෙසෙයි
දහඩිය මුගුරෙන් මුළු ගත නැහැවෙයි
දරුවන් හා.. බිරිඳ සොයාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ....
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ....
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ....
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ....
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ....
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ....