මගේ රටට දළදා හිමි සෙවණයි

Mage Ratata Dalada Himi Saranai

sanath nandasiri
මගේ රටට දළදා හිමි සෙවණයි Lyrics

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින්‌ සපිරුණු නිවහල්‌ දෙරණයි
උපතින්‌ මා හට මේ හැම උරුමයි

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින්‌ සපිරුණු නිවහල්‌ දෙරණයි
උපතින්‌ මා හට මේ හැම උරුමයි

දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින්‌ මුළු රටම අවදි වේ
දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින්‌ මුළු රටම අවදි වේ

දෙදහස්‌ වසරක මහරු අතීතය
සීහ තේජසින්‌ යළි පිබිදෙයි..
දෙදහස්‌ වසරක මහරු අතීතය
සීහ තේජසින්‌ යළි පිබිදෙයි..

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින්‌ සපිරුණු නිවහල්‌ දෙරණයි
උපතින්‌ මා හට මේ හැම උරුමයි

මෙතනම වේ දැය එක ලෙස බැඳුණේ
සිත්‌ තුල බිය සංකා දුරු කෙරුනේ
මෙතනම වේ දැය එක ලෙස බැඳුණේ
සිත්‌ තුල බිය සංකා දුරු කෙරුනේ

සමිඳුන්‌ සෙවණේ ජය දද බැඳුණා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා
සමිඳුන්‌ සෙවණේ ජය දද බැඳුණා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින්‌ සපිරුණු නිවහල්‌ දෙරණයි
උපතින්‌ මා හට මේ හැම උරුමයි
උපතින්‌ මා හට මේ හැම උරුමයි
උපතින්‌ මා හට මේ හැම උරුමයි
උපතින්‌ මා හට මේ හැම උරුමයි
උපතින්‌ මා හට මේ හැම උරුමයි

Video thumbnail