මගෙ සිහිනය මට දකින්න Lyrics
මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ළං නොවන්න
මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ළං නොවන්න
සඳැස් විදා මොණරු නටති
මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටි
මලිගිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලී සැදී
නගත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලුදළ
යහන් නිබඳ සෑදේ
මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ළං නොවන්න
ලවන් ඔඩම තුඩ තබමින්
බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වේ
දෙනුවන් මිණි පානේ
ලඹ තුන්සපු දුනුකේ මැද
පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන
සිහිලැල් හඳ පානේ
මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ළං නොවන්න..
ළං නොවන්න..
ළං නොවන්න..
ළං නොවන්න..
ළං නොවන්න..
ළං නොවන්න....