මගෙ සුරතල්‌ පොඩි දුව හොඳ ළමයෙක්‌ වෙනවා..

Mage Surathal Podi Duwa

maxwell mendis
මගෙ සුරතල්‌ පොඩි දුව හොඳ ළමයෙක්‌ වෙනවා.. Lyrics

මගෙ සුරතල්‌ පොඩි දුව හොඳ ළමයෙක්‌ වෙනවා..
එහි සැකයක්‌ නැති බව මට වැටහී යනවා..
මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා..
මා මැරුණත්‌ මගෙ හිත නැහැ යන්නේ ඇය දමා..

පාන්දරින්‌ මම යන කල රැකියාව කරා..
මිදුලට බැස අත වනනවා නොපෙනි යනතුරා..
පොඩි සපත්තු ඇඳුම්‌ තවද කැවිලි ගේනවා..
මේවා දීලා මං ඇගෙ පොඩි සිත සනසනවා..

පොඩි සපත්තු ඇඳුම්‌ තවද කැවිලි ගේනවා..
මේවා දීලා මං ඇගෙ පොඩි සිත සනසනවා..

පොඩි දේකට බැන්නොත්‌ එයා දුකෙන්‌ හඬනවා...
එවලෙට මට අනුකම්පාවක්‌ ඇතිවෙනවා..
නාඩන්‌ මගෙ දුව කියමින්‌ වඩා ගන්නවා..
හොඳයි නරක දෙක එයාට වටහා දෙනවා..

කල්ගත වී පොඩි දුව ලොකු ළමයෙක්‌ වෙනවා..
දැන්‌ එයාට හොඳයි නරක ටිකක්‌ දන්නවා..
චරිතේ ඔබේ පණටත්‌ වැඩියෙන්‌ රැක ගන්න..
දිවි  රැකුනත්‌ කිලුටින්‌ පල නැතෙයි සිතන්න..

චරිතේ ඔබේ පණටත්‌ වැඩියෙන්‌ රැක ගන්න..
දිවි  රැකුනත්‌ කිලුටින්‌ පල නැතෙයි සිතන්න..

මගෙ සුරතල්‌ පොඩි දුව හොඳ ළමයෙක්‌ වෙනවා..
එහි සැකයක්‌ නැති බව මට වැටහී යනවා..
මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා..
මා මැරුණත්‌ මගෙ හිත නැහැ යන්නේ ඇය දමා..

Video thumbnail