මගෙම වරදක්

Magema Waradak


මගෙම වරදක් Lyrics

ලඟ ඉඳන් අපි කතා කෙරුවත්
දෑස් දෙස මගෙ නිතර බැලුවත්
හිතින් නුඹ මගෙ කියා සිතුවත්
නොකී ප්‍රේමය මගෙම වරදක්

හිත හිතා නුඹ ගැනම රැයවල්
මව මවා සුබ සිහින දහසක්
කියාගනු බෑ ඒක රහසක්
නොකී ප්‍රේමය මගෙම වරදක්

නුඹත් දන්නැති මමත් දන්නැති
අරුම හැඟුමක් හිතේ සෙනෙහේ
හිත පතුලේ හංගපු මගෙ ඒ
නොකී ප්‍රේමය මගෙම වරදක්

Video thumbnail