මගේමදෝ Lyrics
දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කලා
විදින්න ජීවිතයේ රස තැන් මට පුරුදු කලා
අහන්න හිතුනා ඔබ ලගට ඇවිත් තුරුල් වෙලා
කියන්න නැවත වරක් හිතා හිතට එකග වෙලා
මගේමදෝ...මගේමදෝ...//
හිනාව හංගන්නට නොදී මාගෙ මුහුණතේ
කතාව හිතට ගේන ඉන්ද්රජාලෙ ආදරේ
නොවන්න නපුරෙක් කිසි දිනෙක ජීවිතේ
විදින්න ඔබගෙන් මා සෙව්වෙ ආදරේ
මගේමදෝ...මගේමදෝ....//
නොවින්ද හාදු සුලගෙ එන්න යන්න පාවෙලා
විදින්න බැරි තරම් සුපෙම් හැගුම් අවුස්සලා
හිදින්න නෙතු පියාන තැනක ජීවිතේ
නිවන්න පෙමක ගැඹුර දැනුන මාවතේ
කියන්නකෝ...කියන්නකෝ...
මගේමදෝ...මගේමදෝ...