ජයතු :
නුබේ ආලේ වෙලා... කරකාර හිනා...
නුඹ නාඩා හිටපන්...වැහිලිහිණියේ...
හිරුට හොරෙන් නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා..
දිල්කි :
ඡායා මකාලා...ස්වප්න මවාලා...
සිත්විලේ කිමිදූ සදසාවී මා...
මගේ රසින් නුබේ තොල් මත් කරාලා...
කදුලූ මුතුකැට මාලයක් කලා ගෙල වට...
ජයතු :-
සැගවේදෝ ඡායා....
නුබ කොහෙද කියා හෙමින් බැලුවා..
රවී:-
පෙර දින මගේ පැලෙ පෑයූ සද..
නුබ ඇඩුවද අද,හොරෙන් මට...
පිළිකන්නේ පැදුරේ වැටිල හද එළිය..
දිලිසේ,නුබේ වාවනු බැරි කදුළට....
බලන් උන්න සිප ගන්න මගේ දරු පැටියා
ඇය නුබ වගෙ වෙන්න, ඇති හුරතල්
කිරි සුවද මොන වගෙද මගහැරිලා
පියෙක් වෙන එක අරුමයක් වගේ දැනුනා
මම ආවේ නුබ එක්ක ඉන්න බලන් හැමදාම
නුබ යනවද දැන් හැමදේ මෙ අතහැර
ඇය ගියේ තුන් මහ බලා එන්න මතුවට
නුබ දරාගත් දැනෙනා සංකප්ප
දසමස පුරා වැදු කුසේ බර දැනුනා ද
බුදුන් දුටු මග නුබටත් යන්න හිතුනද
දවසක ඇවිත් මට තේරුම් කරන් සද
මාව දමා යන්න හිත හදා ගත්තේ කොහොමද ...
දිල්කි :-
කාලේ ගෙවීලා...රාග නිවාලා
හද උයනේ පරවුන මල මා
මා කවි වලින් නුබ මිදීලා ගියා...
කදුලූ මුතු කැට වැටී බිදී ගියා
හිත් මානේ...
ජයතු :-
මැව්වාදෝ මායා නුබ කිමද කියා
මගෙන් ඇහුවා...
නුබේ ආලේ වෙලා... කරකාර හිනා...
නුඹ නාඩා හිටපන්...වැහිලිහිණියේ...
හිරුට හොරෙන් නුඹ කෝල පාන විට
මහා වරුසා වැටුණා...