මහ වරුසාවට පසුව නැගෙන සඳ Lyrics
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි..
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි..
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි..
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි..
ඇළදොළ පාමුල ගොළුවුණ ගීයකි
අප හදවත් බැඳි සොඳුරු සෙනේ..
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මග බලමින් මා සිත ළතැවේ..
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි..
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි..
ඔබ මට හමුවුණ මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි..
විටකදි නැගුණත් සැක බිය සෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි..
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි..
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි..