මහ වැස්සක්‌ බිමට හලා

Maha Wassak Bimata Hela

sunil edirisinghe
මහ වැස්සක්‌ බිමට හලා Lyrics

මහ වැස්සක්‌ බිමට හලා
නිදහස්‌ වු අහසක්‌ සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

අනේ තව ටිකකින්‌ හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විරසක සුසුම්‌ මහ ගෙයි පුරා ඇසෙන්නේ..
කවුළු දොරින්‌ ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම්‌ රටා වියන්නේ

මහ වැස්සක්‌ බිමට හලා
නිදහස්‌ වු අහසක්‌ සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

අනේ තව ටිකකින්‌ හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

විස කටු ඇනී ආතුර වු සිතට ඔබේ..
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන්‌ කොයි දෙසද ඉපදුණේ

මහ වැස්සක්‌ බිමට හලා
නිදහස්‌ වු අහසක්‌ සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

අනේ තව ටිකකින්‌ හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

Video thumbnail