Maha Wassaka Pera Imithi Penenawa

Maha Wassaka Pera Imithi Penenawa

w d amaradeva
Maha Wassaka Pera Imithi Penenawa Lyrics

මහ වැස්සක පෙර නිමිති පෙනනවා
කචුළුව අතරින්‌ හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

කබාය ඉරිලා ඊට කමක්‌ නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන්‌ මහලු වියේ..
මා දැන්‌ මහලු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩියි..
සිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක්‌ යන හැඩ
මමත්‌ ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි

මීවිතකින්‌ ගත උණුසුම්‌ වුවද
සිත උණුසුම්‌ වේදෝ..
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා..

කබාය ඉරිලා ඊට කමක්‌ නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන්‌ මහලු වියේ..
මා දැන්‌ මහලු වියේ

Video thumbnail