මහද ගගනතලේ Lyrics
මහද ගගනතලේ සොඳුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ළකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි
රුදුරු වන පුරා කටු රැඳි තුරු මත මල් පිපුණු
මියුරු පල දරා එනතුරු ඉවසාගෙන සිටිනු
රුදුරු වන පුරා කටු රැඳි තුරු මත මල් පිපුණු
මියුරු පල දරා එනතුරු ඉවසාගෙන සිටිනු
මහද ගගනතලේ සොඳුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ළකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි
කඳුළු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
කඳුළු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
මහද ගගනතලේ සොඳුරු සඳ සම්පත නුඹයි
මහද මිහිතලේ ළකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි