මැයි මල් - විසල් ආදරේ Lyrics
වැටහේද මාගේ මේ ආදරේ
හිමිවේද වාගේ මහ සාගරේ
සිත පාවේ නුඹෙ නේත්‍රා
නිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේ
මැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේ
මනසේ මා සඳ රුව යාත්‍රා
මැයි මල් පවා
ඇයිදැයි අසා
තුරු සැලුනි පිනි මල් සලා
කුසුමක් නුරා සුසුමක් ලිහා
හදපතුලේ තැන්පත් වෙලා
ලං වෙන්න ආවේ පපුවට දැනීලා
මම දන්නෙ නෑනේ ඇයි ඒ කියා
නවතින්න ඕනේ හුස්මේ වෙලීලා
කෙලෙසද එවන්නේ හැඟුමන් ලියාලා
නුඹ ළඟ තනිවෙන්න ඕනා
මගෙ වචනයද පවසන්න ඕනා
කොහොමද පවසන්නෙ ආශා
නුඹෙ සුසුමක් පවා සුවඳ ගේනා
තව ඉවසන්න නෑ සිතට සීමා
සැබෑ වෙයිද? නෑ දන්නෙ
මා පතන ආදරයේ සේයා