මල්‌ ගෙන ආවේ නෑ මා සම්ඳුනි

Mal Gena Awe Ne Ma Samiduni

shalitha abeywickrama
මල්‌ ගෙන ආවේ නෑ මා සම්ඳුනි Lyrics

මල්‌ ගෙන ආවේ නෑ මා සම්ඳුනි
මට මල්‌ දෙන අය නැතී හින්දා
ගඳ දුම්‌ ගෙන ආවේ  නෑ සම්ඳුනි
කාසි පණම්‌ අත නැතී හින්දා
සෙත දේවා.. සෙත දේවා..
නමස්කාර වේවා..

දොහොත්‌ මුදුන්‌ දී හිත සරසා ගෙන
බුදුගෙට මා පැමිණෙන වේලේ. .
ඔබට නිගා දෙන පවිටකු දුටු සේ
සැදැහැතියෝ මා දෙස බැලුවේ..

මල්‌ ගෙන ආවේ නෑ මා සම්ඳුනි
මට මල්‌ දෙන අය නැතී හින්දා
ගඳ දුම්‌ ගෙන ආවේ  නෑ සම්ඳුනි
කාසි පණම්‌ අත නැතී හින්දා
සෙත දේවා.. සෙත දේවා..
නමස්කාර වේවා..

අතක්‌ බරට පුද පඬුරු අරන්‌ එන
දහක්‌ දෙනා හැම තැන උන්නේ..
හිනා පොදක්‌ අනුකම්පාවෙන්‌ පිරි
ඔබේ වතේ පමණයි දුටුවේ..

මල්‌ ගෙන ආවේ නෑ මා සම්ඳුනි
මට මල්‌ දෙන අය නැතී හින්දා
ගඳ දුම්‌ ගෙන ආවේ  නෑ සම්ඳුනි
කාසි පණම්‌ අත නැතී හින්දා
සෙත දේවා.. සෙත දේවා..
නමස්කාර වේවා..

නමස්කාර වේවා..
නමස්කාර වේවා..
නමස්කාර වේවා..

Video thumbnail