Mal gomu gumu gumu ganwanne

Mal gomu gumu gumu ganwanne

ivor dennis
Mal gomu gumu gumu ganwanne Lyrics

(මල්‌ ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුලු සරින්‌ කන්‌ පිනවන්නී..
මුළු ලෝ උයනක්‌ කරවන්නී..)

ජම්බු ගහට රත පොරවන්නි
බක්මී ගහ කහ අන්දන්නි
අඹ දළු ළා රත තවරන්නී..
ලෝ කත විසිතුරු කැරැලන්නි

(මල්‌ ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුලු සරින්‌ කන්‌ පිනවන්නී..
මුළු ලෝ උයනක්‌ කරවන්නී..)

එරබදු පැහැයෙන්‌ දුලවන්නි
නා ගස්‌ සුවඳින්‌ බැඳැලන්නි
විලේ නෙළුම්‌ මල්‌ පොබයන්නී..
නෙත ගිය ගිය අත පනවන්නි

(මල්‌ ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුලු සරින්‌ කන්‌ පිනවන්නී..
මුළු ලෝ උයනක්‌ කරවන්නී..)

ගමේමැ පුහුලම්‌ ඉදවන්නි
සොරුන්‌ බවට වවුලන්‌ ලන්නි
නෙතැනැ වවුලු පල වල්‌ දෙන්නී..
ගම්‌ දරුවන්‌ හට වැඩ දෙන්නි

(මල්‌ ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුලු සරින්‌ කන්‌ පිනවන්නී..
මුළු ලෝ උයනක්‌ කරවන්නී..)

මල්සර හට හී සපයන්නි
යොවුනන්‌ සිත්‌ ඉන්‌ බැඳැලන්නි
දෙක දෙක එක්කැර ඈඳන්නී..
නොමිලේ කපු කම්‌ කරවන්නි

(මල්‌ ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුලු සරින්‌ කන්‌ පිනවන්නී..
මුළු ලෝ උයනක්‌ කරවන්නී..)

වෙන්‌ වූවන්‌ සිත කළඹන්නි
පරණ තරහා හැම යටලන්නි
ආයෙත්‌ එකමුතු කරවන්නී..
පවුල්‌ අවුල්‌ විසඳාලන්නි...

(මල්‌ ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වද වල පැණි පුරවන්නී
කුරුලු සරින්‌ කන්‌ පිනවන්නී..
මුළු ලෝ උයනක්‌ කරවන්නී..)

Video thumbnail