Mal mal pipila suba upandinak wewa Lyrics
මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියලා අක්කලා
තුටු සිතකින් පසු වෙනවා
එන්න එන්න දැන් සුබ පතන්න
අපි හැමදෙන එකතු වෙලා..
සුබ උපන්දිනක් වේවා..
ජීවිතයම සරු වේවා..
දෙවියන් ඔබ රැක දේවා....
සුබ උපන් දිනක්.. සුබ උපන් දිනක්
සුබ උපන්දිනක් වේවා..
සුබ උපන් දිනක්.. සුබ උපන් දිනක්
සුබ උපන්දිනක් වේවා..
මිණි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා
මිතුරන් අතරේ නෑයන් අතර
ඔබ අපට සඳක් වෙනවා
ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ළඟා වේවා
දුක විපත නොවී සැප සතුට යසස
ඔබ වෙතට උදා වේවා
එන්න එන්න දැන් සුබ පතන්න
අපි හැමදෙන එකතු වෙලා..
සුබ උපන්දිනක් වේවා..
ජීවිතයම සරු වේවා..
දෙවියන් ඔබ රැක දේවා....
සුබ උපන් දිනක්..සුබ උපන් දිනක්..
සුබ උපන්දිනක් වේවා...
සුබ උපන් දිනක්..සුබ උපන් දිනක්..
සුබ උපන්දිනක් වේවා...