මල් පෙරහැර එන්නාසේ හිඳිමී..
ඔබ මහද පුරා ඇවිදින සුව විඳිමී..
ගැල් පෙරහැර යන්නාසේ නිදමී..
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී..
ඒ දුක නිමක් නැතී..එනමුදු කමක් නැතී..
යළි හිත හදා ගමී.. සදහට පතා එමි
හඹා එමි සදා ඔබම පතමී..
ඕ..ඕ..ඕ..ඔ.. හෝ..ඕ..ඕ..ඔ..
නිල් තරු බිම වැටිලා ස් දුටිමී..
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී..
නිල් එළි පෙළ දැවෙනා ස් දුටිමී..
ඔබ වෙත බලා ගිය දුක හා ගැටෙමී..
හෝ.. හො හෝ..
සඳ රැජිනිය වඩිනා සේ දුටිමී..
හිත ඇතුලෙන් පන්තේරු නැටුම් නටමී
පෙරහැර මා හැරගිය බව දුටිමී..
ඔබ මා ළඟ නැවතී ඇති බව දුටිමි..
මේ සැප නිමක් නැතී.. තාමත් පමා නැතී..
ඔබෙ සිත බදා ගමී.. සදහට සිනාසෙමි
සිනාසෙමි සදා ඔබම පතමි...
ඕ..ඕ..ඕ..ඔ.. හෝ..ඕ..ඕ..ඔ..
නිල් තරු බිම වැටිලා සේ දුටිමී..
ඔබෙ නෙතු සඟලේ එළි සේරම දුටිමී..
සඳ රැජිනිය වඩිනා සේ දුටිමී..
හිත ඇතුලෙන් පන්තේ්‍රු නැටුම් නටමි.. හෝ ඔ..ඔ..ඕ..
හෝ.. හො හෝ..
ගැල් පෙරහැර යන්නාසේ නිදමී..
ඔබ අහක බලා ගිය පසු දුක් විඳිමී..
පෙරහැර මා හැරගිය බව දුටිමී..
ඔබ වෙත බලා ගිය දුක හා ගැටෙමී...
ඒ දුක නිමක් නැතී.. එනමුදු කමක් නැතී..
යළි හිත හදා ගමී.. ඔබෙ සිත බදා ගමි
හඹා එමි සදා ඔබම පතමී...
ඕ..ඕ..ඕ..ඔ.. හෝ..ඕ..ඕ..ඔ..
මල් පෙරහැර එන්නා සේ දුටුවා..
ඔබ මහද පුරා ඇවිදින සුව වින්දා...
පෙරහැර මා හැරගිය බව දුටුවා..
ඔබ අහක බලා ගිය පසු දුක් වින්දා..
හෝ.. හෝ හෝ..
නන නානේ..