මල්සරා.. බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී.. දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා..
හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී..
මල්සරා.. බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී.. දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා
තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිනිහිරිය මලී
විස්තර දුටුවද බමරුනි පිපිලා දොඹ මුතු කැකුලී
තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිනිහිරිය මලී
විස්තර දුටුවද බමරුනි පිපිලා දොඹ මුතු කැකුලී
ලස්සන හුරුබූටි කමට දිලෙනා දෑතින් ලකලී
ඉස්සර කල පිනට මගේ පිපුණා බල ළඳ කෝමලි
ඉස්සර කල පිනට මගේ පිපුණා බල ළඳ කෝමලි
මල්සරා.. බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී.. දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා..
හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී..
මල්සරා.. බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී.. දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා
ලස්සන ගුණ කනක භරණ සවන් පැළඳි පුල්ලි මලී
ඇස් නිලුපුල් පෙති ගෝමර ගෙලවට දිලි රුවන් මලී
ලස්සන ගුණ කනක භරණ සවන් පැළඳි පුල්ලි මලී
ඇස් නිලුපුල් පෙති ගෝමර ගෙලවට දිලි රුවන් මලී..
ගොස් උයනේ මගේ පැලට එළිය දෙන්ට පිපුණු මලී
වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලි
වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් කොමලි
මල්සරා.. බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී.. දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා..
මල්සරා.. බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා
රන්මලී.. දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා..