මල්සර හීසරන්‌ ඇස්‌ පිල්ලම්‌ යටින්‌

Mal Sara Hee Sarin

shashika nisansala
මල්සර හීසරන්‌ ඇස්‌ පිල්ලම්‌ යටින්‌ Lyrics

මල්සර හීසරන්‌
ඇස්‌ පිල්ලම්‌ යටින්‌
වින්දා කාටත්‌ හොරෙන්‌
කවුරුත්‌ නැති සිත්මලින්‌
ඉල්ලන්නේ මා ඔබෙන්‌
දෙනවාද මා හට
දෙනවාද මට ආදරේ..

මල්සරාගේ.. දුන්න වැරදී.. මටම වැදුනා දෝ..
පාළු නගරේ.. ඉන්න ආසයි.. ඉඩක්‌ දෙනවා දෝ..
දිගන්තයකින්‌ අනන්තෙට යන
පාර මැද ඉන්නම්.. ඔබට ළංවී..

හදේ දොරටුව.. ළඟට ඇවිදින්..  සිතද ඉල්ලන්නේ..
මගේ නගරේ.. තවත්‌ කෙනෙකුට.. ඉඩක්‌ නෑ දෙන්නේ..
වසර ගණනක්‌ පරුම්‌ පුරලා
ලැබූ මන්දීරේ.. මටම හිමිවූ..

මල්සර හීසරන්‌
ඇස්‌ පිල්ලම්‌ යටින්‌
වින්දා කාටත්‌ හොරෙන්‌
කවුරුත්‌ නැති සිත්මලින්‌
ඉල්ලන්නේ මා ඔබෙන්‌
දෙනවාද මා හට
දෙනවාද මට ආදරේ..

Video thumbnail