මල්‌ සුගන්දේ දම්‌ සුගන්දේ සිල්‌ සුළං රැල්‌ පාවෙලා

Mal Sugande Dam Sugande

sujatha aththanayaka
මල්‌ සුගන්දේ දම්‌ සුගන්දේ සිල්‌ සුළං රැල්‌ පාවෙලා Lyrics

ඉතිපිසෝ භගවා.. අරහං සම්මා සම්බුද්ධෝ..
සම්මා සම්බුද්ධෝ.. සම්මා සම්බුද්ධෝ..

මල්‌ සුගන්දේ දම්‌ සුගන්දේ සිල්‌ සුළං රැල්‌ පාවෙලා
සම්බුදුන්‌ සම්භාවනීයයි සාදු සාදු වන්දනා

මිහින්තලාවයි දහම්‌ අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත්‌ මේ කියන්නේ සාසනේ ඉතිහාසයයි

රත්නමාලී සෑ රජුන්‌ මේ දෙව්‌ බඹුන්‌ පුජා ලබයි
මේ මහා ගල්‌ මුල්‌ කියන්නේ ඒ උතුම්‌ අභිමානයයි
රත්නමාලී සෑ රජුන්‌ මේ දෙව්‌ බඹුන්‌ පුජා ලබයි
මේ මහා ගල්‌ මුල්‌ කියන්නේ ඒ උතුම්‌ අභිමානයයි

මල්‌ සුගන්දේ දම්‌ සුගන්දේ සිල්‌ සුළං රැල්‌ පාවෙලා
සම්බුදුන්‌ සම්භාවනීයයි සාදු සාදු වන්දනා

රැල්‌ නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ වික්මන්‌ කියන්නේ මේ පොළොන්නරු  දේශයයි

දාගැබයි මහ මේඝයයි නිල්වන්‌ ගුවන්‌ ගැබ යාවුණේ
ගල්‌ කුළින්‌ සිත්තම්‌ වුණාදෝ මෙත්‌ සිහිල්‌ කරුණා ගුණේ
දාගැබයි මහ මේඝයයි නිල්වන්‌ ගුවන්‌ ගැබ යාවුණේ
ගල්‌ කුළින්‌ සිත්තම්‌ වුණාදෝ මෙත්‌ සිහිල්‌ කරුණා ගුණේ

මල්‌ සුගන්දේ දම්‌ සුගන්දේ සිල්‌ සුළං රැල්‌ පාවෙලා
සම්බුදුන්‌ සම්භාවනීයයි සාදු සාදු වන්දනා

මහා රජුන්‌ තුන්‌ සිංහලේ මෙහෙමයි එදා දස්කම්‌ කලේ
මේ උතුම්‌ දහමින්‌ තමා ලේ මස්‌ පවා විස්කම්‌ කලේ

ධීර වීරයි පූජනීයයි නෑ නිමක්‌ ගුණ ගායනේ
සිව්‌ මහා දෙවිඳුන්‌ රකීව්‌ මේ අපේ බුදු සාසනේ

සිව්‌ මහා දෙවිඳුන්‌ රකීව්‌ මේ අපේ බුදු සාසනේ..

Video thumbnail