මල්‌ වයසේ මගෙ නංගෝ

mal wayase mage nango

Chandrasena Hettiarachchi
මල්‌ වයසේ මගෙ නංගෝ Lyrics

මල්‌ වයසේ මගෙ නංගෝ..
පෙම්‌ බැඳුණේ ඇයි නංගෝ..
සඟවන්නේ ආයාසේ..
කඳුළු ඔබේ දෑසේ..
මල්‌ වයසේ මගෙ නංගෝ..

බාල වියේ සිට ළංවී..
උන්නත්‌ එක සෙවණේ...

බාල වියේ සිට ළංවී..
උන්නත්‌ එක සෙවණේ...
තුරුණු වියේ ඔබ වෙන්වී..
ඇයි ඔහු හා බැඳුණේ..

මල්‌ වයසේ මගෙ නංගෝ..
පෙම්‌ බැඳුණේ ඇයි නංගෝ..
සඟවන්නේ ආයාසේ..
කඳුළු ඔබේ දෑසේ..
මල්‌ වයසේ මගෙ නංගෝ..

පාළු ලොවේ ඔබ සැංගී..
තනිවම ඉකිබින්දේ..

පාළු ලොවේ ඔබ සැංගී..
තනිවම ඉකිබින්දේ..
විරහ ළසෝ දුක ළංවී..
ඔහු පිටුපෑ දිනයේ..

මල්‌ වයසේ මගෙ නංගෝ..
පෙම්‌ බැඳුණේ ඇයි නංගෝ..
සඟවන්නේ ආයාසේ..
කඳුළු ඔබේ දෑසේ..
මල්‌ වයසේ මගෙ නංගෝ...

Video thumbnail