Mala Ira Basina Sanda Yame Lyrics
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්..
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්
නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ..
නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්..
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්..
සියුමැලි දෑතින් ඔබ හිස අත ගා
සියුමැලි දෑතින් ඔබ හිස අත ගා
ඔබ නිදි කරවා මම යන්නම්
අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුළක් රඳවා..
අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුළක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී..
සුසුමක් වාගේ ඉන් පිටවී..
ඔබගෙන් වෙන් වෙන්නම්..
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්
ඔබගෙන් වෙන්වී මම යන්නම්
ඔබගෙන් වෙන්වී මම යන්නම්