මළපැනලා Lyrics
මළපැනලා මට බැනලා
රෑ කෑම දුන්නේ රවලා
ඇයි විමලා? මං ඇහුවා
දැං කියපංකෝ කවුද සරලා
හිත ගැහුනා හිරි පිපුණා
ඈ දන්නේ කොහොම මෙව්වා
කෑ ගහලා මං කිව්වා
ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ
මගෙ බොරු නෑ කෙල්ලේ
ඔබටයි මේ ප්‍රේමේ
මං ළංවී සිපගද්දී
ගැහුවේ ඈ කන හරහින්
කාට කියන්නද මේ දුක
කාට කියන්නද මා
කාට කියන්නද මේ දුක
මා විඳිනා මා විඳිනා
කාට කියන්නද මේ දුක
කාට කියන්නද මා
කාට කියන්නද මේ දුක
මා විඳිනා..