මලක්‌ සිඹින්න දී යළි උදුරා ගන්න නම්‌ එපා

Malak Sibinna Dee Yali

prince udaya priyantha
මලක්‌ සිඹින්න දී යළි උදුරා ගන්න නම්‌ එපා Lyrics

මලක්‌ සිඹින්න දී යළි උදුරා ගන්න නම්‌ එපා
නුඹෙ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම්‌ එපා..
මහමෙරක්‌ තරම්‌ ඔබ ගැන මැවු ප්‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසුවේ නම්‌ දැනෙයි වේදනා..

දුහුවිල්ලක තරම්කවත්‌ නුඹ හිතන්නෙපා අහිතක්‌..
දුහුවිල්ලක තරමකවත්‌ නුඹ හිතන්නෙපා අහිතක්‌
ඔබ නොදැක ඉන්න මොහොතක්‌
මට කල්ප කාන්තරයක්‌

මලක්‌ සිඹින්න දී යළි උදුරා ගන්න නම්‌ එපා
නුඹෙ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම්‌ එපා..
මහමෙරක්‌ තරම්‌ ඔබ ගැන මැවු ප්‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසුවේ නම්‌ දැනෙයි වේදනා..

පවනැල්ලක දැවටීවත්‌ මට එන්න හිතෙයි රහසින්‌..
පවනැල්ලක දැවටීවත්‌ මට එන්න හිතෙයි රහසින්‌
පෙර අත්‌ භවයක පැතුමෙන්‌
අපි සෙනෙහේ පුරමු රහසින්‌

මලක්‌ සිඹින්න දී යළි උදුරා ගන්න නම්‌ එපා
නුඹෙ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම්‌ එපා..
මහමෙරක්‌ තරම්‌ ඔබ ගැන මැවු ප්‍රේම කල්පනා
සැඩ සුළං රොදක මුසුවේ නම්‌ දැනෙයි වේදනා...

Video thumbnail